Update – යතුරුපැදි අනතුරින් පසු කන්ටේනර් රථය ගිනි තැබූ තිදෙනා රිමාන්ඩ්

මීගමුව – මිනුවන්ගොඩ මාර්ගයේ බොලවලාන ප්‍රදේශයේ දී මාර්ගය හරහා හරවමින් තිබූ කන්ටේනර් රථයක ගැටී මීගමුව දෙසට වේගයෙන් ධාවනය කරමින් තිබූ යතුරුපැදි යුගලක ගමන්ගත් පැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමට අදාළව කන්ටේනර් රථයට ගිනි තබා අලාභ හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනො අගොස්තු 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (31) නියෝග කළා.

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ, අවුරුදු 20, 25 සහ 26 වයසේ පසුවන මීගමුව දාගොන්න හා කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීම සඳහා කන්ටේනර් රථයේ රියදුරු සහ සහායකට හැකි බැවින් සැකකරුවන් හඳුහා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා සැකකරුවන් තිදෙනා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කළා.

එහීදි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ලබන අගෝස්තු 03 වනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙසත් එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය කරුණු දක්වමින් සඳහන් කළේ මෙම සැකකරුවන් කන්ටේනර් රථයට ගිනි තබා අනර්ථයක් සිදුකිරිම, පොලිස් රාජකාරියට බාධා කිරිම, රියදුරුට සහ සහායකට අමානුෂික ලෙස පහරදීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම තව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇති බවද සඳහන් කළා.

එහිදී සැකකරුවන් වෙනුවෙන් කරුණු දැක්වු නීතිඥ ප්‍රීමාල් අමරසිංහ සඳහන් කළේ මෙම පුද්ගලයන් තිදෙනා ඒ අවස්ථාවේ එතැන සිටි බවත් ගිනි තැබීමට සහාය නොදැක්ව බවයි.

එබැවින් හඳුනා ගැනීමේ පෙරට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ඔවුන්ව ⁣අගෝස්තු 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14