මැංගුස් සටන දී ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ කළුතර තිස්ස ජාතික පාසලේ සිසුවා නැවතත් කළුතර ශික්ෂණ මහ රෝහලට ඇතුළත් කරයි.
පසුගියදා කළුතර තිස්ස ජාතික පාසලක් කළුතර විද්‍යාලයත් අතර පැවැති හැට තුන් වන මැංගුස් හටන ක්‍රිකට් තරගාවලියේ දී එක්දින තරගයෙන් පසුව ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය මත තුවාල ලබා එදිනම රෝහල්ගත කළ සිසුවා ඊට පසුදින කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා අනතුරුව අද දින (02) ජාතික රෝහලෙන් මාසික ප්‍රතිකාර අවසන් කර නිවස නිවෙස බලා පැමිනි මෙම ක්‍රීඩකයා රාත්‍රී 07:00 ට පමණ ඇති වූ හදිසි අසනීප තත්වයක් නිසා නැවත කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුළත්කර මේ වන විට කළුතර ශික්ෂණ රෝහලේ තුන්වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.