Update – මහරගම නිවසේ ගින්නෙන් සිදුවූ මරණ ගණන ඉහළට – නිවෙස් හිමියා නිවසට ගිනි තබා ඇති බව හෙළිවෙයි

මහරගම පොලිස් වසමේ පමුණුව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නෙන් අදාළ නිවසේ හිමිකරු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව මෙම ගින්නෙන් ජීවිත අහිමි වූ සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අනවරණය වී ඇත්තේ අවුරුදු 76 ක් වන නිවසේ හිමිකරු විසින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවයි.

ඊයේ (18) පස්වරුවේ මෙම නිවසේ ගින්නක් ඇතිව තිබෙන අයුරු ප්‍රදේශ වාසීන් විසින් දැක එය නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

එහිදී නිවසේ ඉහළ මහලේ කාමරයක් තුළ සිටි කාන්තාවක් හා දැරියක් මියගොස් සිට ඇති අතර පිළිස්සීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මිය ගොස් ඇති දැරිය අවුරුදු 16ක් වන අතර අනෙක් කාන්තව දැරියගේ 55 හැවිරිදි මව බවයි පොලිසිය පවසන්නේ.

ගින්නෙන් 46 හැවිරිදි පියා සහ 76 හැවිරිදි නිවසේ හිමිකරු බරපතළ තුවාල ලැබූ අතර, ඔවුන් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් අනතුරුව නිවසේ හිමියා මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මියගිය දියණිය මව සහ බරපතළ තුවාල ලබා සිටින පියා අදාළ නිවසේ උඩු මහලේ කුලී පදනම මත රැදී සිට ඇති අතර, ඔවුන් සමඟ ඇති වූ පුද්ගලික ආරවුලක් මත නිවසේ හිමිකරු මෙම ගිනි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මහරගම පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
4
+1
10
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59