spot_img
AFC Banner
Empty Ad
Empty Ad

UPDATE – නොහොබිනා සුබපැතුම් දුන් විදුහල්පතිවරයා රිමාන්ඩ්

” අවුරුද්දටවත් විෂ් කරන්න බැරි වූ බව පවසා” පුද්ගලික පාසලක ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් සිදු කරන 23 හැවිරිදි තරුණ ගුරුවරියව බලහත්කාරයෙන් සිප වැළඳ ගැනීමේ චෝදනා මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු එම පුද්ගලික පාසලේ විදුහල්පතිවරයාව එළඹෙන 28 දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ දිසා විනිසුරුවරයා අද (18) නියම කළේය.

විදුහල්පතිවරයා කඩවත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි දෙදරු පියෙකි.

නෝම්බි උත්සවය අවසන්වනතුරු පාසැලේ දරුදැරියන්ට සහ ගුරුභවතුන්ට නිවාඩු ලබාදී ඇති බවත් අවශ්‍ය ම වැඩ කිහිපයක් සිදු කිරීමට ඇති බව පවසා විදුහල්පතිවරයා විසින් ඇමතුමක් ලබා දී පැමිණිලිකාර ගුරුවරියව ඊයේ (17) පෙරවරුවේදී පාසලට ගෙන්වා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පැමිණිලිකාර ගුරුවරියට විදුහල්පතිවරයා විසින් පවරා තිබූ වැඩ කොටස අවසන් කර පිටව යාමට සූදානම් වන අවස්ථාවේ අවුරුද්දට විස් කරන්න බැරි වුණා යැයි කියා සැකකාර විදුහල්පති පැමිණිලිකාර ගුරුවරියව බලාත්කාරයෙන් සිප වැළඳගෙන ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?