ඊයේ (26) දිනයේ හිමාල කඳුකරයේ ඉහළ ප්‍රදේශයක පිහිටි ග්ලැසියරයක කොටසක් කඩා වැටීම හේතුවෙන් නේපාල-ටිබෙට් දේශසීමාව ආශ්‍රිතව ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදන් ගණන වූ 1,500කට ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අතරින් 800 දෙනෙක් පමණ විදෙස් සංචාරකයින් බවයි වාර්තා වන්නේ.
මෙලෙස ආපදාවට ලක් වූ ප්‍රදේශය වන්දනාකරුවන් සහ කඳු තරණය කරන්නන් වෙනුවෙන් ජනප්‍රිය ස්ථානයක්.
මෙම සිදුවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 160 දෙනෙකු මියගොස් ඇති බව මේ වන විට තහවුරු වී තිබෙනවා.













