එක්සත් ජනපද නාවික හමුදාවට අයත් “USS ටල්සා” යුද නෞකාව අද (09) පෙරවරුවේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.
දිවයිනෙන් පිටත්ව ගිය එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරුණා.
පසුගිය 07 වනදා සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි මෙම යුද නෞකාව, එම අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව මෙලෙස දිවයිනෙන් පිටත්ව ගියා.










