බොලිවුඩ් නළු ටයිගර් ෂ්රොෆ් ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වන වෙඩික්කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් දුම්රියෙන් ගමන් කරමින් සිටියදී රාජස්ථානයේ කොටා දුම්රිය ස්ථානයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ වෙඩික්කරුවන්ගෙන් දෙදෙනෙකු හර්යානා ප්රාන්තයේ වන අතර, එක් අයෙකු මහාරාෂ්ට්රයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.
මොවුන් ලෝරන්ස් බිෂ්නෝයි පාතාල කල්ලියට සම්බන්ධ බවට අනාවරණය වී තිබෙනවා.
මේ අතර වෙඩි ප්රහාරයකට ලක්වූ ටයිගර් ෂ්රෝෆ්ගේ සුව දුක් විමසීම සඳහා මහාරාෂ්ට්ර නියෝජ්ය මහ ඇමති එකනාත් ෂින්ඩේ ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.
ෂ්රෝෆ් ඊයේ (18) පස්වරුවේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි ප්රහාරයට ලක් වුණා.










