තියුණු ආයුධයකින් ගෙළ කපා කාන්තාවක් ඝාතනය කළ පුවතක් දංකොටුව ප්රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දංකොටුව, උතුරු ගෝනාවිල, කිරාගාර ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 65ක කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
පොලිසිය පවසන්නේ ඊයේ (18) පස්වරුවේ මෙම අපරාධය සිදුව ඇති බවයි.
ඝාතනයට ලක්වූ කාන්තාව සිය සැමියා සමඟ වාසය කර ඇති අතර, ඔවුන්ගේ දරුවන් ඉතාලියේ පදිංචිව සිටින බව විමර්ශණවල දී අනාවරණය වී තිබෙනවා.
මෙම කාන්තාව සහ සැමියා ඊයේ (18) මීගමුව ප්රදේශයේ පැවති අවමංගල උත්සවයට ගොස් සවස් කාලයේ නිවසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී බිරිඳ නිවසේ තනිව සිටිය දී සැමියා අසල්වැසි නිවසකට ගොස් ඇති අතර, පසුව ඔහු නිවසට පැමිණ බැලීමේ දී ගෙළ කපා ඝාතනය කර තිබූ බිරිඳගේ සිරුර දැක තිබෙනවා.
ඝාතනයෙන් පසු කාන්තාවගේ අත් බෑගයක් පමණක් අතුරුදහන් වී ඇති බවයි දැනට සිදුකරන ලද විමර්ශණවල දී අනාවරණය වී ඇත්තේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.
