සහෝදරිය සමඟ සෙල්ලම් කරමින් සිටි අවුරුදු දෙකේ දැරිය ඇලකට වැටී මරුට

තම සහෝදරිය සමඟ සෙල්ලම් කරමින් සිටි කුඩා දැරියක් නිවස ආසන්නයේ ඇති කුඩා ඇලකට වැටී මිය ගොස් තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුත්තලම, නාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු දෙකක දැරියක්.

මෙම දැරිය අද (19) දිනයේ උපන්දිනය සැමරීමට ද සූදානමින් සිට ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම දැරිය ඊයේ (18) තම වැඩිමහල් සහෝදරිය සමඟ මිදුලේ සෙල්ලම් කරමින් සිටින අතර තුර ඔවුන්ගේ නිවස ආසන්නයේ ඇති ලොකු අම්මාගේ නිවසට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දැරිය නිවස ආසන්නයෙන් ගලා බසින ඇලට වැඩි ඇති අතර, දැරිය ඇලට වැටී ඇති බව දැනගත් මව්පියන් දැරිය සෙවීමේ කටයුතු අරඹා ඇති අතර, එහිදී දිය පහරේ අකුලක සිර වී සිටි දැරිය සිය ගැනීමට හැකිව තිබෙනවා.

අනතුරුව ඇයව වහාම පුත්තලම මූලික රෝහලට ගෙනගොස් ඇති අතර, ඒ වනවිටත් ඇය මිය ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දැරියගේ සිරුර අවසන් කටයුතු සඳහා මව්පියන්ට භාරදීමට කටයුතු කර ඇති අතර, සිද්ධිය පිළිබඳව පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනවා.