අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ හිටපු කතානායක චමල් රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබෙනවා.
එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (08) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා.
එහිදී පැය එකහමාරක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි හිටපු කතානායකවරයා එම කොමිසමෙන් පිටව ගියේ.













