මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට

කොකෙන් මත්ද්‍රව්‍ය ග්‍රැම් 1255.7 ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම, ජවාරම් කිරීම ඇතුළු අධි⁣⁣චෝදනා පහක් යටතේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු යැයි කියන මෙහොමඩ් ශිරාන් බාසික් ඇතුළු තිදෙනෙකුට නීතපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ඔක්තෝබර් 02 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනවිය නියෝග කළා.

නඩුවේ තුන්වැනි විත්තිකරු වන සිරාන් බාසික් නැමැත්තා කොළඹ මධ්‍යම අපරාධ කාර්‍යාංශය විසින් අද (08) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

පළමුවන විත්තිකරු ද බන්ධනාගාරය මඟින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එමෙන්ම මේ වන විට ඇප මත මුදා හැර සිටින දෙවන විත්තිකරු ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

2023.08.16 වනදා කොකෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිම ඇතුළු අධිචෝදනා පහක් යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.

අද දින නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවු අතර, නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට ලබා දි නොමැති ලේඛනවල පිටපත් ඉදිරි නඩු දිනයේ දී ඔවුන්ට ලබාදෙන ලෙස විනිසුරුවරිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරියට නියෝග කළා.

පළමුවන විත්තිකරුට සිංහල බස තෙරුම් ගැනීමට නොහැකි විත්තිකරුවකු වන බැවින් ඔහුගේ ප්‍රකාශ ලබාගැනීම සඳහා ඉංග්‍රීසි භාෂා පරිවර්තකයකු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරිය නියෝග කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46