විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට වැඩවර්ජනයක

විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (09) දිනයේ එක් දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය දැනුම් දෙනවා.

එම සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ අද (08) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.

එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති බරපතළ අර්බුද සම්බන්ධයෙන් සිය සංගමය පසුගිය සතිය පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹුන බවයි ලේකම්වරයා මෙහිදී සඳහන් කළේ.

මේ අතර රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට පසුගිය 2025 උසස් පෙළට පෙනී සිටි සිසුන් බඳවාගත නොහැකි තත්ත්වයක් මේ වනවිට මතුව ඇති බවයි ඔහු මෙහිදී අනාවරණය කළේ.