UNHRC වාර්තා ශ‍්‍රී ලංකාව ප‍්‍රතික්‍ෂෙප කරයි.. ඒ බව ලිඛිතව දන්වයි..

ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත එහි මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කර ඇති වාර්තා ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

රජයේ සම මාධ්‍ය ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දැනුම් දීලා තියෙනවා. එහි අන්තර්ගතය ප්‍රසිද්ධ නොකර, එය දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යතුමන් විසින් සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතන අවස්ථාවේදී ප්‍රසිද්ධ කිරීම තමයි ආන්ඩුවේ තීන්දුව. සංකල්පීය වශයෙන් කිව්වොත් අපි ප්‍රධාන කාරණා දෙකක් කියලා තියෙනවා.

එකක් මේ වාර්තාව මහ කොමසාරිස්වරියට 30(1) හා 40(1) කියන යෝජනා වලින්ලබා දුන්නු විෂය පථයට පටහැනිවයි සකස් කරල තියෙනනේ. පිටු දාහතාමාරක් වන වාර්තාවෙන් පිටු දෙකහමාරයි තමන්ගේ විෂය පථයට අදාළව ලියල තියෙන්නෙ. අනිත් ඒවා තමන්ගේ විෂය පථයට පටහැනිව වර්තමාන ආණ්ඩුව පිළිබඳව ද්වේශ සහගත ආකාරයේ වාර්තාවක් තමයි සකස් කරල තියෙන්නේ.

දෙවෙනි කාරණය තමයි වාර්තාවේ නගා ඇති චෝදනා පිළිබඳ කිසිම පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරන්න ඒ සාක්ෂි ගැන තමන්ගෙ මූලාශ්‍ර සඳහන් කරන්න මානව හිමිකම් කොමසාරිස්වරිය අසමත් වෙලා තියෙනවා. මෙන්න මේ කාරණා දෙකම පදනම කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. ඒ පිළිබඳව විස්තරාත්මකව කරුණු දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යතුමා විසින් සමුළුවේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා .

– media unit

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට තව දින 10යි - GMOA එකෙන් රජයට රතු එළියක්
12:23
Video thumbnail
අගමැතිතුමියට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්
08:48
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34


?