පොලිස් වෙස්ගෙන සල්ලිවලට විදින පිරසක් ගැන පොලිසියෙන් විමර්ශන – කිහිපදෙනෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින්, පිරිසක් විසින් වංචනිකව මහජනතාව රවටා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් මත සිදුකළ විමර්ශනයක දී සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් මෙම විමර්ශන සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

සිදුකරන ලද විමර්ශනය අනුව මෙම වංචනිකයින් ශ්‍රී ලංකාවේ ස්ථාවර දුරකථන අංකවලට යම් සමානකමක් දක්වන විදේශීය දුරකථන අංක භාවිත කරමින් ශ්‍රී ලංකාවේ බැංකු හෝ මූල්‍ය සමාගම් ලෙස පෙනී සිටිමින් අදාළ ගිණුම්කරුවන් වෙත ඇමතුම් ලබා ගනු ලබන අතර, එමඟින් ඔවුන්ගේ ගිණුම් සම්බන්ධව පැමිණිලි පවතින බවට ව්‍යාජ ලෙස දැනුම්දීම් සිදුකරනු ලබන බවටත් වාර්තා වී තිබෙනවා.

එම ගිණුම් සම්බන්ධයෙන් පවතින පැමිණිලි පිළිබඳව නීතිමය කටයුතු කර ගැනීමට එම වංචනික පුද්ගලයින් විසින්, ශ්‍රී ලංකා පොලිසියට අයත් විමර්ශන අංශ බවට පෙනී සිට පුද්ගලයින් වෙත දුරකථන ඇමතුම් යොමු කරනු ලබන බවත් එහිදී, ශ්‍රී ලංකා පොලිසිය ලෙස පෙනී සිටින පුද්ගලයින් විසින් WhatsApp Vedio දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා පොලිසියට අයත් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ඇමතුම් වලට පෙනී සිටිනු ලබන බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම ප්‍රශ්න කිරීම්, ප්‍රකාශ සටහන් කිරීම් WhatsApp ඇමතුම තුළදීම සිදුකරනු ලබන අතර, පොලිසිය තුළ පවතින කාර්ය බහුල පරිසරය ඇමතුම් ඔස්සේ නිරූපණය වන ආකාරයට කටයුතු කර ඇති බවටද, විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ඇමතුම හා සම්බන්ධ වී සිටින පුද්ගලයාගේ බැංකු ගිණුම් සම්බන්ධව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා එම බැංකු ගිණුම් තුළ පවතින මුදල් මෙම වංචනිකයින් විසින් ලබාදෙන ලද විවිධ බැංකු ගිණුම් වෙත වංචනිකව තැන්පත් කරවා ගැනීමට වංචනිකයින් විසින් කටයුතු කර ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

මෙම වංචනිකයින් විසින් ලබා ගෙන ඇති මුදල් බැංකු ගිණුම් කිහිපයක් ඔස්සේ හුවමාරු වී Binance ගිණුම් හරහා CRYPTO – CURRENCY (අතත්‍ය මුදල් – භෞතිකව භාවිතා නොවන ඩිජිටල්කරණය වූ මුදල් ඒකකයක්) බවට පරිවර්ථනය කර ඇති බවටත් අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දැනට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්, අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වූ පුද්ගලයෙකු විසින් දැනුම් දුන් පරිදි තැන්පත් වන මුදල් වෙනත් බැංකු ගිණුම් වෙත යොමු කර ඊට අදාළව කොමිස් මුදලක් ද ලබාගන්නා බවටත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙලෙස මහජනතාවගේ මුදල් වංචා කිරීම දිගින් දිගටම සිදුවන බවට නිරීක්ෂණය වන බැවින්, තමන්ගේ පුද්ගලික තොරතුරු භාවිත කර සකස් කරනු ලබන බැංකු ගිණුම් තොරතුරු හෝ අන්තර්ජාල ගණුදෙනු සිදුකිරීමට භාවිත කරනු ලබන ගිණුම් පිළිබඳ තොරතුරු මෙවැනි වංචනිකයින්ට ලබා නොදීමටත් මෙම වංචාකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් ලද වහාම ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කිරීමටත් පොලිසිය මහජනතාව වෙත දන්වා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46