UAEහි අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන් තහනම් කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) තුළ සමාජ මාධ්‍ය භාවිතය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 15ක් ලෙස නියම කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (18) දිනයේ සිට එරට තුළ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කිරීම සහ ඒවා භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

එම සමාජ මාධ්‍ය ජාලයන්හි ඇති විවිධ සමූහ (Groups) අවුරුදු 15ට අඩු දරුවන් ප්‍රවේශ වීමද මෙමඟින් වළක්වා තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted