“Tansuo 3” නමැති විද්‍යා ගවේෂණ නෞකාවේ මංගල ගමන ඇරඹේ

චීනය විසින් ස්වාධීන ව නිර්මාණය කර ඉදි කරන ලද “Tansuo 3” නමැති ගැඹුරු හා ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව චීන‍යේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා.

එම නෞකාව සංස්කෘතික පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා යෙදවීමට ද නියමිත වන අතර, මෙය, සමස්ත පෘථිවි ගෝලය ආවරණය වන සේ ගැඹුරු හා ඈත මුහුදු කලාපයන් හි ගවේෂණ සිදු කිරීම මෙන්ම, ධ්‍රැවාශ්‍රිත අයිස් කලාපයන්හි ගවේශණයට අවශ්‍ය ගැඹුරු කිමිදුම් සඳහා සහාය වීමේ හැකියාවෙන් ද යුත් චීනයේ ප්‍රථම, සංයෝගාත්මක විද්‍යා ගවේෂණ නෞකාවයි.

“Tansuo 3” නෞකාවේ දිග මීටර් 104 ක් පමණ වන අතර, එහි ජලෝත්පීඩන පරිමාව ටොන් දස දහසක් පමණ වනවා.

මෙම නෞකාවේ පර්යේෂණ හා ඉදිකිරීම් ක්‍රියාවලිය සිදුව ඇත්තේ චීනයේ විවිධ පර්යේෂණ ආයතන, ව්‍යාවසායන් හා විශ්වවිද්‍යාලයන් හි දායකත්වයෙන්.

නෞකාව ධ්‍රැවාශ්‍රිත අයිස් පවතින ප්‍රදේශවල යාත්‍රා කිරීම පිළිබඳ කෙන්ද්‍රීය තාක්ෂණ මෙන්ම, අයිස් බිඳීම් යටතේ අධි නිරවද්‍ය ගතික ස්ථානගත කිරීමේ පාලන තාක්ෂණය, බුද්ධිමය නෞකා පාලන තාක්ෂණය ඇතුළු දුෂ්කරතා ජය ගනිමින් ඒවායේ ඒකාධිකාරී අවහිරයන් බිඳදැමීමට සමත්ව තිබෙනවා.

මෙමඟින් චීනයේ මිනිසුන් සහිත ගැඹුරු කිමිදුම්, පූර්ණ මුහුදු ගැඹුරු පරාසයේ පමණක් නොව, සමස්ත ගෝලීය මුහුදු කලාපයේ ද ගවේෂණ සිදු කිරීමට හැකි වීම ද විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42