T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නිල සංචිතය මෙන්න

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා.

තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු නම් කිරීමට ද තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල් පිතිකරුවන් ලෙසයි සංචිතයට නම් කර ඇත්තේ.

තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස වනිඳු හසරංග, චාමික කරුණාරත්න, කමිදු මෙන්ඩිස් හා ළහිරු මදුෂංක සංචිතයට ඇතුළත්.

දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් වේග පන්දු යවන්නන් ලෙසත්, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම දඟ පන්දු යවන්නන් ලෙසත් සංචිතයට නම් කෙරුණා.

අතිරේක ක්‍රීඩකයින් වන්නේ පුලින තරංග, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු සහ අකිල ධනංජයයි.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පැවැත්වීමට නියමිතව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී.

ඒ ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා.

පළමු වටයේ තරග සඳහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතයි.

එහි පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වෙනු ඇති.

අයර්ලන්තයට එරෙහිවයි ශ්‍රී ලංකාව දෙවැනි තරගය ට ඉදිරිපත් වන්නේ.

එය 20 වැනිදා ද, තෙවැනි තරගය නෙදර්ලන්තයට එරෙහිව 22 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරග දෙක අබුඩාබි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තෙවැනි තරගය සාජාහී දී පැවැත්වෙන බව අයි.සී.සී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?