T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නිල සංචිතය මෙන්න

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා.

තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු නම් කිරීමට ද තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල් පිතිකරුවන් ලෙසයි සංචිතයට නම් කර ඇත්තේ.

තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස වනිඳු හසරංග, චාමික කරුණාරත්න, කමිදු මෙන්ඩිස් හා ළහිරු මදුෂංක සංචිතයට ඇතුළත්.

දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් වේග පන්දු යවන්නන් ලෙසත්, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම දඟ පන්දු යවන්නන් ලෙසත් සංචිතයට නම් කෙරුණා.

අතිරේක ක්‍රීඩකයින් වන්නේ පුලින තරංග, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු සහ අකිල ධනංජයයි.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පැවැත්වීමට නියමිතව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී.

ඒ ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා.

පළමු වටයේ තරග සඳහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතයි.

එහි පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වෙනු ඇති.

අයර්ලන්තයට එරෙහිවයි ශ්‍රී ලංකාව දෙවැනි තරගය ට ඉදිරිපත් වන්නේ.

එය 20 වැනිදා ද, තෙවැනි තරගය නෙදර්ලන්තයට එරෙහිව 22 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරග දෙක අබුඩාබි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තෙවැනි තරගය සාජාහී දී පැවැත්වෙන බව අයි.සී.සී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34