AFC Banner
AFC Banner
Empty Ad

T20 ලෝක කුසලානයේ පළමු තරගයටම ලංකාව

ලබන ඔක්තෝබර් – නොවැම්බර් මාසවලදී ඔස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන එළි දක්වා තිබෙනවා.

පළමු වටයේ පළමු තරගයටම ශ්‍රී ලංකාව තරග කිරීම විශේෂත්වයක්.

ඒ අනුව ඔක්තෝබර් 16 වනදා ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගය පැවැත්වෙනවා.

පළමු වටයේදී ශ්‍රී ලංකාව තරග 03 කට සහභාගී වනු ඇති. දෙවන තරගය ඔක්තෝබර් 18 වනදාත් 03 වන තරගය ඔක්තෝබර් 20 වනදාත් පැවැත්වෙනු ඇති.

පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 16 ක් සහභාගී වන අතර ඉන් කණ්ඩායම් 12 ක් දැනටමත් තෝරාගෙන අවසන්.

අනෙක් කණ්ඩායම් 04 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව තෝරා ගැනෙනු ඇති.

සුපිරි 12 වටයට කණ්ඩායම් 08 ක් දැනටමත් සුදුසුකම් ලබා අවසන්.

ශ්‍රී ලංකාව – නැමීබියාව – ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් 04 සහ ශ්‍රේණිගත කිරීම්වලින් තෝරාගන්නා කණ්ඩායම් 04 සහභාගීවන පළමු වටයෙන් සුපිරි 12 වටයේ අනෙක් කණ්ඩායම් 04 තෝරා ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?