කලකට පසු දේශීය ක්‍රිකට් පිටියට ආ කෝලි දේශීය ක්‍රිකට් පිටියේත් අසාර්ථකයි (වීඩියෝ)

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි කලකට පසුව දේශීය ක්‍රිකට් පිටියට පැමිණ තිබෙනවා.

ඒ, ඉන්දියාවේ ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලියක් වන රංජි කුසලානය වෙනුවෙන්.

දිල්ලි කණ්ඩායම නියෝජනය කරමින් විරාට් කෝලි අද (31) දිනයේ පිටියට පිවිසි අතර, එහිදී ඔහුට පිත්තෙන් වැඩි දස්කම් දැක්වීමට හැකියාව ලැබුණේ නැහැ.

දේශීය ක්‍රිකට් පිටියට කලකට පසු පැමිණි කෝලි දිල්ලි කණ්ඩායමට ක්‍රීඩා කරන අයුරු දැක බලාගැනීම සඳහා දිල්ලි නුවර අරුන් ජට්ලි ක්‍රීඩාංගණයට විශාල ප්‍රේකෂක පිරිසක් රැස්ව සිටියා.

එහිදී දිල්ලි ඉනිමේ තුන්වන කඩුල්ලට පිටියට පිවිසි විරාට් කෝලි උණුසුම් පිළිගැනීමක් රැස්ව සිටි ප්‍රේකෂකයින්ගෙන් හිමි වුණා.

කෙසේ වෙතත් මෙම තරගයේ දී කෝලිට මුහුණදීමට හැකි වූයේ පන්දු 15 කට පමණයි.

එහිදී ඔහු පන්දු 14ක් තුළ ලකුණු 06ක් රැස්කරගෙන සිටිය දී වේග පන්දු යවන ක්‍රීඩක හිමන්ෂු සංග්වාන් යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් පිටියෙන් ඉවත්වීමට සිදු වුණා.

https://twitter.com/cricketlover672/status/1885199460113989654



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14