සිංහරාජයේ කෘමි සත්තු ඇල්ලූ විදෙස් ජාතිකයා මාට්ටු (ඡායාරූප)

සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිතව පරිවාර වනාන්තර තුළ උගුල් අටවා කෘමින් ඇල්ලූ විදෙස් ජාතිකයෙක් අද (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්පාඤ්ඤ ජාතිකයෙන් බවයි කලවාන අඩවි වන කාර්යාලය සඳහන් කළේ.

මෙම ස්පාඤ්ඤ ජාතිකයා දින තුනක් තිස්සේ සිංහරාජයේ නවාතැන්පොළක ලැඟුම් ගෙන උගුල් අටවා සලඹයින්, සමනලුන්, කෘමි විශේෂ අල්ලාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහු සන්තකයේ තිබී කෘමි සතුන් අල්ලා ගැනීමට යොදාගත් නවීන පන්නයේ උගුල් ද අත්අඩංගුවට ගත් බවයි කලවාන අඩවි වන කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු 31 හැවිරිදි මෙම විදෙස් ජාතිකයා කලවාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 10 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි නියෝග කර ඇත්තේ.

Screenshot 20250131 173057 Gallery
IMG 20250131 WA0035 scaled
IMG 20250131 WA0031 scaled
IMG 20250131 WA0029 scaled
IMG 20250131 WA0033 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47