SSP සතිශ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන්ගෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිශ් ගමගේ තවදුරටත් ලබන සැප්තැම්බර් 16 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළා.

දැනට සති තුනක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් ඕනැම ඇප කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙස සැකකාර පොලිස් අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදිප් ජයකොඩි ඉල්ලිමක් කරනු ලැබුවා.

මෙම සැකකරු පොලිස් නිලධාරීයකු වශයෙන් සේවය කරමින් සිටියදී මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගෙන් සහ අපරාධකරුවන්ගෙන් ඇතුළු ඔහුගේ සේවය ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් අයථා ලෙස මුදල් ලබාගෙන ඒවා බැංකු ගත කිරිමේ සිද්ධින් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන මේ දක්වා අවසන් නොමැති බවත්, මින් පෙර අධිකරණයට අනාවරණය කළ පරිද සැකකරුගේ ගිණුම් තුනක තිබී කෝටි දෙකකට ආසන්න මුදලක් තැන්පත් කර ඇති බවත් විමර්ශනවලින් හෙළිකර ගත් බව අල්ලස් කොමිසම මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පොලිස් පරීක්ෂක ගාමිණී අබේසිංහ පෙන්වා දුන්නේ සැකකරුගේ නමින් පුද්ගලික බැංකුවක ආරම්භ කර ඇති ගිණුමක රුපියල් කෝටියකට තැන්පත් වී ඇති බව තවතම විමර්ශනවලින් හෙළිකර ගත් බවත්, සැකකරුගේ දියණියගේ, පුතාගේ සහ ඔහු සමීප හිතවතුන් තවත් අයගේ ගිණුම්වල තවත් අති විශාල මුදලක් ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බැවින් එම විමර්ශනවලට බාධාවක් ඇතිවන හෙයින් ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

එහිද මහේහෙස්ත්‍රාත්වරයා ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ සැකකරුගේ රැකියාව හා තනතුර අනුව පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් ඇති විය හැකි බව තම අධිකරණයට පෙනී යන බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21 විපක්ෂ රැළියට අපිට ආරාධනා කළේ නෑ..මුන්ගේ තියෙන ආඩම්බරකම
02:27
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51


?