SSP සතිශ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන්ගෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිශ් ගමගේ තවදුරටත් ලබන සැප්තැම්බර් 16 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළා.

දැනට සති තුනක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් ඕනැම ඇප කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙස සැකකාර පොලිස් අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදිප් ජයකොඩි ඉල්ලිමක් කරනු ලැබුවා.

මෙම සැකකරු පොලිස් නිලධාරීයකු වශයෙන් සේවය කරමින් සිටියදී මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගෙන් සහ අපරාධකරුවන්ගෙන් ඇතුළු ඔහුගේ සේවය ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් අයථා ලෙස මුදල් ලබාගෙන ඒවා බැංකු ගත කිරිමේ සිද්ධින් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන මේ දක්වා අවසන් නොමැති බවත්, මින් පෙර අධිකරණයට අනාවරණය කළ පරිද සැකකරුගේ ගිණුම් තුනක තිබී කෝටි දෙකකට ආසන්න මුදලක් තැන්පත් කර ඇති බවත් විමර්ශනවලින් හෙළිකර ගත් බව අල්ලස් කොමිසම මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පොලිස් පරීක්ෂක ගාමිණී අබේසිංහ පෙන්වා දුන්නේ සැකකරුගේ නමින් පුද්ගලික බැංකුවක ආරම්භ කර ඇති ගිණුමක රුපියල් කෝටියකට තැන්පත් වී ඇති බව තවතම විමර්ශනවලින් හෙළිකර ගත් බවත්, සැකකරුගේ දියණියගේ, පුතාගේ සහ ඔහු සමීප හිතවතුන් තවත් අයගේ ගිණුම්වල තවත් අති විශාල මුදලක් ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බැවින් එම විමර්ශනවලට බාධාවක් ඇතිවන හෙයින් ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

එහිද මහේහෙස්ත්‍රාත්වරයා ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ සැකකරුගේ රැකියාව හා තනතුර අනුව පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් ඇති විය හැකි බව තම අධිකරණයට පෙනී යන බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08