මාතර, තලල්ල වෙරළ තීරයේ දී උර 10ක සහ ගමන් මලු 11ක තිබී දී සොයාගෙන ඇත්තේ අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය බව පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය විසින් තහවුරු කරගෙන තිබෙනවා.
ඒ, අනුව කිලෝග්රෑම් 500කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය තොගයක් මේවායේ තිබී හමුවූ බවයි ආරක්ෂක නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර පැවසුවේ.
ඩිංගි යාත්රාවකින් මෙරටට ගෙන එනු ලැබූ මත්ද්රව්ය බවට සැක කරන උර 10ක් සහ ගමන් මලු 11ක් නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක දී අද (24) උදෑසන මාතර, තලල්ල වෙරළ තීරයේදී සොයා ගැනුණා.
