AFC Banner
AFC Banner
Empty Ad

QR ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම කල්යයි

ඉන්ධන බලපත්‍ර ක්‍රමය හෙවත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීමේ කටයුතු අද (25) දිනයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මීට පෙර සඳහන් කළා.

කෙසේ වෙතත් එම ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීමේ කටයුතු අද (25) දිනය තුළ දීත් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක පමණක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

QR ක්‍රමවේද හඳුන්වා දුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කළේ පවතින තත්ත්වය තුළ අද (25) දිනයේදීත් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන බවයි.

මෙය දිවයින පුරා ක්‍රියාත්මක කිරිමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?