QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ලබාගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයට අවස්ථාව

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවන්ට ලක් වූ පුද්ගලයින්ට සහන සැලසීමේ එක් පියවරක් ලෙස QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමට ගම්පහ දිසාපති එස්. සත්‍යානන්ද අනුමැතිය ලබා දී තිබෙනවා.

ආපදාවන්ට ලක් වූ ගම්පහ දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (16) පැවති සාකච්ඡාවේ දී මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී පළාත් පාලන ආයතන ප්‍රධානීන් පෙන්වා දුන්නේ ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමේදී QR ක්‍රමයට ඉන්ධන ලබාගැනීම බාධාවක්වන බවයි.

ඒ, අනුව ගම්පහ දිසාපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ, අවශ්‍යතාවය අනුව QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ප්‍රධානීන්ට ලිඛිතව මේ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස ද උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?