PHI රොෂාන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

මෙම වසරේ පෙබරවාරි මස 26 වැනිදා ඇල්පිටිය ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම සැකකරු සමග ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ව ඝාතනයට යොදාගත් ගිනි අවිය ද සොයාගත් බවයි.

ඇල්පිටිය, පතිරාජ වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක ජීවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේ උදෑසන 07ට පමණයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව ඝාතනයට යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබුණා.

මෙලෙස මියගියේ කරන්දෙණිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ රොෂාන් කුමාර විතානගේ නමැති 51 හැවිරිදි අයෙක්.

මියගිය පුද්ගලයා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වශයෙන් ද කටයුතු කර ඇති බව සඳහන්.

මෙවන් පසුබිමකදියි මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය විශේෂ විමර්ශනයක් සිදු කරමින් මාස 04කට පසුව ඝාතනයේ ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගැනුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
11
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?