NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන්ග කළ NSBM හරිත සරසවියට පැමිණියා.

ඇය පැමිණියේ NSBM හරිත සරසවියටත් ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලැබීමට නොහොත් ආශාවෙන් පෙළෙන ශ්‍රී ලාංකික දරු දැරියන්ට සුබ ආරංචියක් ද රැගෙනයි.

ඇය හරිත සරසවියට පැමිණියේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළම පිළිගැනීමක් ඇති ඇමරිකානු විශ්වවිද්‍යාලය සමඟ සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීමේ ගෞරවනීය අවස්ථාවව සහභාගීවීම වෙනුවෙන්.

ඒ, නිසා ඇය හරිත සරසවියට පැමිණි ගමන ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබීමට ආශාවෙන් පෙළෙන ශ්‍රී ලාංකික දරු දැරියන්ට ගෙන ආ සුබ ආරංචියකි.

ඒ, සඳහා විශ්වවිද්‍යාලය දෙක අතරත්, රටවල් දෙක අතරත් අවබෝධය ඇතිකොට මග පෙන්වා දී තිබුණේ වර්තමානයේ එක්සත් ජනපදයේ තානාපති ගරු මහින්ගද සමරසිංහ මැතිතුමාත්, එතුමාගේ මෙහෙයවීමෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් විසින්.

හරිත සරසවිය සමඟ සහයෝගිතා ගිවිසුමකට එළඹුණ ඇමරිකානු සරසවිය1893 දී පිහිටවනු ලැබූ දැනට වසර 132ක් පැරණි ඓතිහාසික වටිනාකම් රැසක් රැගත් වොෂින්ටනයේ තිබෙන විශ්වවිද්‍යාලයක්.

එය සියවසකට අධික කාලයක් ඇමරිකාවේත් ලෝකය පුරාමත් දේශපාලන නීති, ජනමාධ්‍ය සංස්කෘතිය සේම ආර්ථික ක්ෂේත්‍රයේ මැදිහත්වීම් කරනු ලැබූ කීර්තිමත් විශිෂ්ටයින් බිහි කළ විශ්වවිද්‍යාලයක්.

වසර 100ක් ඉක්මවා විශ්වවිද්‍යාලය පවත්වාගෙන යනවිට අත්පත් කරගන්නා ගුණාංග සහ හරයාත්මක බරසාර
වටිනාකම් ලොව කවර විශ්වවිද්‍යාලයක වුවත් අත්පත් කරගැනීම දුර්ලභ කාරණයකි.

ඇමරිකානු විශ්වවිද්‍යාල මේ සහයෝගිතා ගිවිසුම අත්සන් කළේ ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කළ විශ්වවිද්‍යාලය සමඟයි.

ඒ නිසා ලොව පිළිගත් නූතන අධ්‍යාපන ක්‍රමවේදයන් ඉතාමත් ඉහළින් ක්‍රියාත්මක කරන ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නූතන ඵලදායී වූ හරිත විශ්වවිද්‍යාල ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ ඓතිහාසක විශ්වවිද්‍යාලක් සමඟ අත්වැල් බැඳගනිම කාලෝචිතය.

මෙම සහයෝගිතාව හරහා NSBM හරිත සරසවියේ සිසුන්ට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියේ මුල් වසර 02 ශ්‍රී ලංකාවේ දී සහ අවසන් වසර 02 ඇමරිකාවේ වොෂින්ටනයේ ඇමරිකානු විශ්වවිද්‍යාලයේ හැදෑරීමෙන් අමරෝකානු විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් බවට පත් වීමට හැකියාව ලැබෙනවා.

එසේම එය මෙරට දරුවන්ට ලොව පිළිගත් ජාත්‍යන්තර උපාධියක් සාප්‍රේක්ෂව ඉතා අඩු පිරිවැයකින් ලබාගැනීමට පහසු මාර්ගයක් විවරකරදීමකි.

එපමණක් නොව එය NSBM හරිත සරසවියේ උපකුලපති මහාචාර්ය E.A. වීරසංහ මහතා උසස් අධ්‍යාපනය පිළිබඳව දරන සාර දර්ශනය ක්‍රියාවට නඟන NSBM හි ගෝලීය ව්‍යාපෘති ප්‍රයත්නයන් හි ප්‍රයත්නයන්හි ඉදිරි ගමනකි.

එය ඉදිරි දැක්මක් සහිතව යන නොනවතින ගමනේ සංධිස්ථානයකි.

සහයෝගිතා ගිවිසුම අත්සන් කළ තානාපතිනිය තම කෙටි දෙසුම මෙවන් වදන්වලින් සැරසුවා.

“මෙම හරිත සරසවියට පැමිණ එය ගවේශයන කරනකොට එය ඉතාම සුන්දර විශ්වවිද්‍යාලයක් බව දැනුණා. හරිත සරසවිය උසස් අධ්‍යාපයේ සහ නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථානයක් හැටියට දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකික සිසුන් පෝෂණය කරලා තිබෙනවා.”

හරිත සරසවියේ සුන්දරත්වය පිළිබඳ ඉතාමත් සතුටටත්, පුදුමයටත් පත් වුණ ඇමරිකානු තානාපතිනිය මෙම විශ්වවිද්‍යාල අතර අත්සන් කළ ගිවිසුම නිසා ලාංකික සිසුන්ට ජාත්‍යන්තරයේ ලැබෙන වටිනාකම පිළිබඳව ද විස්තර කළේ ඉතා සතුටින්.

මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබුවේ NSBM හරිත සරසවිය පාර්ශවයෙන් උපකුලපති මහාචාර්ය E. A. වීරසංහ මහතා වෙනුවෙන් ව්‍යාපාර පිඨයේ පීඨාධිපති සහ වැඩබලන කුලපතිනී තිලිණි ද සිල්වා මහත්මිය සහ ඇමරිකානු විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර හවුක්කාරීත්වය සහ උපායමාර්ගික මුල පිරීම් අධ්‍යක්ෂ ටෂීනා ගියෝඩ් මහත්මිය යි.

ඇමරිකානු තානාපතිනි ජූලි චෑන්ග් මහත්මිය මෙම ඓතිහාසක සහයෝගිතව සිහිපත් කිරීමට හරිත සරසවි බිමේ ජාතික වෘක්ෂය වූ නා පැළයක් රෝපණය කළා.

නා පැළය අනාගතයේ විසල් වෘක්ෂයක් බවට පත්ව හරිත සරසවියේ හරිත වර්ණයට එක්වෙමින් මෙම සහයෝගීතාව ගැන විශ්වයට කියාපානු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?