පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ආසන්න නැගෙනහිර මුහුදු සීමාවේදී සිදුවු නෞකා අනතුර සහ ඉන්ධන කාන්දුවට අදාළව MT නිව් ඩයමන්ඩ් නෞකාවේ නීතීඥවරුන් වෙත නීතිපතිවරයා විසින් රුපියල් කෝටි 342 යි ලක්ෂ 30 ක වන්දි ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
එම වන්දි ලබා ගැනීමට අදාළ ලේඛන නැව අයත් සමාගමේ නීතිඥවරුන්ට භාරදුන් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී, නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.තෙල් කාන්දුව හේතුවෙන් සිදුවූ සාගර දූෂණය වෙනුවෙන් එම මුදල ගෙවන ලෙස නීතිපතිවරයා විසින් අදාළ නීතිඥවරුන් මාර්ගයෙන් නැව් සමාගමට දැනුම්දී තිබේ.
