AFC Banner
Empty Ad
Empty Ad

Miss Teen Tourist ජයග්‍රහණය කළ නෙළුනී සෞන්දර්යා දිවයිනට (ඡායාරූප)

ඝානා රාජ්‍යයේ පැවති 04 වන යොවුන් සංචාරක රූ රැජින (Miss Teen Tourist) තරගාවලියට සහභාගී වී ජයග්‍රාහිකාව බවට පත් වූ නෙළුනී සෞන්දර්යා මෙනවිය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය රටවල් 20ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය පළමුවනදා සිට 20 වනදා දක්වා පැවැත්වුණේ ඝානා රාජ්‍යයේ අක්‍රා නුවරදීයි.

ශ්‍රී ලංකාව පළමු වරට මෙම ජයග්‍රහණය හිමි කර ගැනීම ද විශේෂත්වයක්.

මෙම ජයග්‍රහණය ලබාගත් නෙළුනී සෞන්දර්යා අද අලුයම 05.20ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඇය පිළිගැනීම සඳහා මෙම තරගාවලියට ඇය යොමු කළ නෙක්ස්ට් ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතනයේ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර, එම ආයතනයේ සහෝදර නිරූපිකාවන් මෙන්ම ඇයගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

20230823 091610 scaled
20230823 090613 scaled
20230823 093710 scaled
20230823 093415 scaled
20230823 090713 scaled
20230823 090944 scaled
20230823 093824 scaled
20230823 090729 scaled
20230823 093715 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?