Miss Teen Tourist ජයග්‍රහණය කළ නෙළුනී සෞන්දර්යා දිවයිනට (ඡායාරූප)

ඝානා රාජ්‍යයේ පැවති 04 වන යොවුන් සංචාරක රූ රැජින (Miss Teen Tourist) තරගාවලියට සහභාගී වී ජයග්‍රාහිකාව බවට පත් වූ නෙළුනී සෞන්දර්යා මෙනවිය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය රටවල් 20ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය පළමුවනදා සිට 20 වනදා දක්වා පැවැත්වුණේ ඝානා රාජ්‍යයේ අක්‍රා නුවරදීයි.

ශ්‍රී ලංකාව පළමු වරට මෙම ජයග්‍රහණය හිමි කර ගැනීම ද විශේෂත්වයක්.

මෙම ජයග්‍රහණය ලබාගත් නෙළුනී සෞන්දර්යා අද අලුයම 05.20ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඇය පිළිගැනීම සඳහා මෙම තරගාවලියට ඇය යොමු කළ නෙක්ස්ට් ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතනයේ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර, එම ආයතනයේ සහෝදර නිරූපිකාවන් මෙන්ම ඇයගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

20230823 091610 scaled
20230823 090613 scaled
20230823 093710 scaled
20230823 093415 scaled
20230823 090713 scaled
20230823 090944 scaled
20230823 093824 scaled
20230823 090729 scaled
20230823 093715 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29