සුරේෂ් සලේව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම, දිලිත් තරයේ හෙළා දකී

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේව, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන පැය 72ක් රඳවා තැබීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් X සමාජ මාධ්‍ය සටහනක් නිකුත් කර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ මුවාවෙන් හිටපු SIS ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන පැය 72ක් රඳවා තබා ගැනීම මම තරයේ හෙළා දකින බවයි.

මේජර් ජෙනරාල් සලේ යනු ශ්‍රී ලංකාවේ දශක තුනක කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් කීර්තිමත් සහ ඉතා දක්ෂ හමුදා නිලධාරියෙක් බවද දිලිත් ජයවීර සිය X සටහනේ සඳහන් කර තිබෙනවා .

දිලිත් ජයවීර විසින් නිකුත් කළ සම්පූර්ණ සටහනේ මෙලෙස දැක්වුණා.

”පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ මුවාවෙන් හිටපු SIS ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන පැය 72ක් රඳවා තබා ගැනීම මම තරයේ හෙළා දකිමි.මේජර් ජෙනරාල් සලේ යනු ශ්‍රී ලංකාවේ දශක තුනක කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් කීර්තිමත් සහ ඉතා දක්ෂ හමුදා නිලධාරියෙකි. එවැනි නිලධාරියෙකු දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත ක්‍රියාවකට ලක් කිරීම සාධාරණත්වය, අභිප්‍රාය සහ රාජ්‍ය බලය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ බරපතල ගැටළු මතු කරයි. මෙම පියවර විශ්වසනීය සාක්ෂි වලට වඩා පටු දේශපාලන අරමුණු මගින් මෙහෙයවනු ලැබුවහොත්, එය යුක්තිය අඩපණ කරනවා පමණක් නොව, අපගේ සන්නද්ධ හමුදාවන්ගේ චිත්ත ධෛර්යයට ද බරපතල හානි කරයි. මෙම ජාතිය ආරක්ෂා කිරීම සඳහා තම ජීවිත පරදුවට තබන පිරිමින් සහ කාන්තාවන් දේශපාලන අවශ්‍යතා සඳහා ඉලක්ක බවට පත් නොවිය යුතුය. යුක්තිය විනිවිද පෙනෙන, අපක්ෂපාතී සහ උපාමාරු වලින් තොර විය යුතුය. ඊට අඩු ඕනෑම දෙයක් වගකිවයුත්තන් මත කල් පවතින කැළලක් ඉතිරි කරයි.” යනුවෙන් දිලිත්, නිකුත් කළ සටහනේ සඳහන්.

Screenshot 2026 02 25 184722
  1. ලෝකයටම හා ලංකාවට පිළිකාවක්දී වී ඇති විවිධ නම් වලින් ඇති මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයට අනුබල දීම අත්අඩංගුවට ගත හැකි වරදකි. ලංකාවේ රජය ඒ ගැන සලකන බව දිලිත් ජයවීර සිහියෙන් සිටිය යුතුය.

  2. දිලිප් ඔයාට මේ දේවල් ලොකුවට තේරුමක් නැති බව අපි දන්නවා. ඔයා දන්නෙ නාග ලෝකය හා සම්බන්ධ දේවල්, හවසට රොටියක් කාල බ්‍රිස්ටල් එකක් ගහන ගමන් කතා කරන ඕපදූප, කලු සල්ලි වලින් ගේම් ගහන හැටි වගේ දේවල් නේ. මේවා දැනුම් තේරුම් තියන අයට කරගන්න ඉඩ දීල ඔබතුමා දන්න දේ කරගෙන හිටිය නං ඔබතුමත් සතුටින් අපිත් සතුටින්



අපගේ නවතම වීඩියෝ පුවත්