MG, Chery සහ Proton ‘වාහන ගැන’ ලාංකිකයන්ට සුබ පණිවිඩයක්

ශ්‍රී ලංකාව තුළ Proton.MG, Chery යන වාහන නිපදවීම සම්බන්ධයෙන් China National Machinery Import and Export Corp ආයතනය එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ වාහන නිපදවිය හැකි කර්මාන්ත ශාලාවක් ඇති කිරීමේ අරමුණින් මෙම සමාගමේ උප සභාපති Wu Yi මහතා එරට තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාව පසුගිය දා හමුවී තිබුණා.

MG, Chery සහ Proton යන වාහන වර්ග ලංකාවේ නිපදවීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු වී ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කරනවා.

ශ්‍රී ලංකා රජය රථවාහන අංශයේ ආයෝජන පිළිගන්නා බව පැවසූ තානාපති ආචාර්ය කොහොන මහතා විස්තරාත්මක යොජනාවක් ඉදිරිපත් කිරීම සඳහා CVC ආයතනය දිරිමත් කළ බවයි විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රථවාහන සඳහා පවත්නා දේශීය වෙළඳපොල සහ ශ්‍රී ලංකාව ලෝකයේ සෞභාග්‍යමත් කලාපයක පිහිටා තිබීම හේතුවෙන් ඒ සතු පුළුල් වෙළඳපොල පිළිබඳවද තානාපතිවරයා විස්තර කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18
Video thumbnail
අපි නෙවෙයි පරාද ජනතාව පරාද..පට්ට හොරෙක් තාම ඇමතිකමේ ඉන්නවා..දූෂණ විරෝධි ආණ්ඩුකරණය අදින් ඉවරයි
03:15
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්
00:50
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00
Video thumbnail
හෙට උදේ 8න් පස්සේ වෛද්‍ය වැඩවර්ජනය අවසන්..මෙයාලට සාකච්ඡා පුරුදු නැහැ
05:17
Video thumbnail
මුජිබුර් බලශක්ති ඇමතිට හොඳම එකෙන් දෙසයි - ලැජ්ජා නහරය පැලවත්තෙදි අයින් කරලා
06:22
Video thumbnail
රු. කෝටි 62ක දැවැන්ත ලොතරැයි ජය මල්ලට උරුමකම් කියූ වාසනාවන්තයා
07:21