LTTE සතුව තිබී සොයාගත් රන් ආභරණ ගැන අධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා යුද හමුදාව මානුෂික මෙහෙයුමේ දී උතුරු – නැගෙනහිර පළාත්වල පිහිටි එල්.ටී.ටී.ඊ. කඳවුරුවල තිබීය දී සොයාගෙන මේ වනවිට යුද හමුදා බුද්ධි බලකා මූලස්ථානයේ සේප්පුවල සුරක්ෂිත ව තැන්පත් කර ඇති රන් ආභරණ අයිතම 10000ක ප්‍රමාණයක් කිරා මැන බලා ඒවායේ අන්තර්ගත රන් ප්‍රමාණය සහ බර ප්‍රමාණය පිළිබඳ ව වාර්තාවක් තම අධිකරණයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිටපත් සහිත ව ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ජාතික ස්වර්ණාභරණ අධිකාරියට අද (05) නියෝග කර තිබෙනවා.

එකී ස්වර්ණාභරණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එම විමර්ශන සඳහා අදාළ රන් භාණ්ඩ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අවශ්‍ය බවත් පෙන්වාදෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ අවසරය ලබා දුන්නා.

එමෙන්ම, එකී විමර්ශන අවසන් වන තෙක් නිශ්චිත නිලධාරීන් කණ්ඩායමක් අඛණ්ඩව යොදා ගන්නා ලෙසත්, යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ස්වර්ණාභරණ අධිකාරිය විසින් කිරා මැන බලා තම අධිකරණයට වාර්තා ඉදිරිපත් කරන රන් ආභරණ සුරක්ෂිත ව තැන්පත් කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුවට ද නියෝග කළා.

එම රන් ආභරණ උතුරු නැගෙනහිර පළාත්වල විසූ ජනතාව ස්ව කැමැත්තෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයට ලබා දී ඇති ද නැතහොත් ඒවා බලහත්කාරයෙන් එම ජනතාවගෙන් ත්‍රස්තවාදීන් ලබාගත්තේ දැයි සොයා වැඩිදුර විමර්ශන සිදු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට වැඩිදුරටත් දැනුම්දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?