LTTE සතුව තිබී සොයාගත් රන් ආභරණ ගැන අධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා යුද හමුදාව මානුෂික මෙහෙයුමේ දී උතුරු – නැගෙනහිර පළාත්වල පිහිටි එල්.ටී.ටී.ඊ. කඳවුරුවල තිබීය දී සොයාගෙන මේ වනවිට යුද හමුදා බුද්ධි බලකා මූලස්ථානයේ සේප්පුවල සුරක්ෂිත ව තැන්පත් කර ඇති රන් ආභරණ අයිතම 10000ක ප්‍රමාණයක් කිරා මැන බලා ඒවායේ අන්තර්ගත රන් ප්‍රමාණය සහ බර ප්‍රමාණය පිළිබඳ ව වාර්තාවක් තම අධිකරණයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිටපත් සහිත ව ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ජාතික ස්වර්ණාභරණ අධිකාරියට අද (05) නියෝග කර තිබෙනවා.

එකී ස්වර්ණාභරණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එම විමර්ශන සඳහා අදාළ රන් භාණ්ඩ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අවශ්‍ය බවත් පෙන්වාදෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ අවසරය ලබා දුන්නා.

එමෙන්ම, එකී විමර්ශන අවසන් වන තෙක් නිශ්චිත නිලධාරීන් කණ්ඩායමක් අඛණ්ඩව යොදා ගන්නා ලෙසත්, යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ස්වර්ණාභරණ අධිකාරිය විසින් කිරා මැන බලා තම අධිකරණයට වාර්තා ඉදිරිපත් කරන රන් ආභරණ සුරක්ෂිත ව තැන්පත් කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුවට ද නියෝග කළා.

එම රන් ආභරණ උතුරු නැගෙනහිර පළාත්වල විසූ ජනතාව ස්ව කැමැත්තෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයට ලබා දී ඇති ද නැතහොත් ඒවා බලහත්කාරයෙන් එම ජනතාවගෙන් ත්‍රස්තවාදීන් ලබාගත්තේ දැයි සොයා වැඩිදුර විමර්ශන සිදු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට වැඩිදුරටත් දැනුම්දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26