LTTE පොලිසියට පණ දෙන්න හැදූ යාපනේ නගරාධිපති පොලිස් අත්අඩංගුවට

යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටු වීමේ චෝදනා යටතේ යාපනය නගරාධිපති වන 37 හැවිරිදි විශ්වලිංගම් මනිවන්නන් අද අළුයම යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ පසුගිය දිනවල යාපනය නගරයේ විවිධ රාජකාරි වල යොදවා සිටි යාපනය නගර ආරක්ෂක බලකාය නැමැති ආරක්ෂක ඒකකය පිළිබඳව යාපනය නාගරික කොමසාරිස් සහ අනිකුත් පුද්ගලයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

මෙම නගර ආරක්ෂක බළකාය පිහිටුවා ඒ වෙනුවෙන් නිල ඇඳුමක් ද නිර්මාණය කර තිබූ අතර එම නිල ඇඳුම එල් ටී ටී ඊ සංවිධානය විසින් පවත්වාගෙන ගිය පොලිසියේ නිල ඇඳුමට බෙහෙවින්ම සමාන නිළ ඇඳුමක්.

එල්ටීටීඊ සංවිධානය මෙරට තහනම් සංවිධානයක් වන අතර එම සංවිධානය ප්‍රවර්ධනය වන හෝ එම සංවිධානයේ නිල ඇඳුම් ලාංඡන ආදිය ප්‍රදර්ශනය කිරීමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් ක්‍රියාවක්.

මෙසේ අත්අඩංගුවට ගත් යාපනය නගරාධිපතිවරයා අද දින ත්‍රස්ත ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09