යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටු වීමේ චෝදනා යටතේ යාපනය නගරාධිපති වන 37 හැවිරිදි විශ්වලිංගම් මනිවන්නන් අද අළුයම යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ පසුගිය දිනවල යාපනය නගරයේ විවිධ රාජකාරි වල යොදවා සිටි යාපනය නගර ආරක්ෂක බලකාය නැමැති ආරක්ෂක ඒකකය පිළිබඳව යාපනය නාගරික කොමසාරිස් සහ අනිකුත් පුද්ගලයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.
මෙම නගර ආරක්ෂක බළකාය පිහිටුවා ඒ වෙනුවෙන් නිල ඇඳුමක් ද නිර්මාණය කර තිබූ අතර එම නිල ඇඳුම එල් ටී ටී ඊ සංවිධානය විසින් පවත්වාගෙන ගිය පොලිසියේ නිල ඇඳුමට බෙහෙවින්ම සමාන නිළ ඇඳුමක්.
එල්ටීටීඊ සංවිධානය මෙරට තහනම් සංවිධානයක් වන අතර එම සංවිධානය ප්‍රවර්ධනය වන හෝ එම සංවිධානයේ නිල ඇඳුම් ලාංඡන ආදිය ප්‍රදර්ශනය කිරීමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් ක්‍රියාවක්.
මෙසේ අත්අඩංගුවට ගත් යාපනය නගරාධිපතිවරයා අද දින ත්‍රස්ත ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.




