LPL වෙන්දේසියට ක්‍රීඩකයින් 350ක් – කණ්ඩායම් 02ක හිමිකරුවන් ඉවත් කෙරේ

ලබන අඟහරුවා දා පැවැත්වීමට නියමිත එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 350ක පමණ සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වල පවසනවා.

එල්.පී.එල්. විස්සයි විස්ස තරගාවලිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (17) ඔහු මේ බව සඳහන් කළා.

ඒ, අනුව මෙම වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 260කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී කණ්ඩායම් හිමිකරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හෙවත් රුපියල් කෝටි 75කට අධික මුදලක් වැයකිරීමට නියමිත බව ද ඔහු පැවසුවා.

තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වල මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ පසුගිය වසරේ කණ්ඩායම් හිමිකාරිත්වය දැරූ හිමිකරුවන් දෙදෙනෙක් ඉවත්කර කණ්ඩායම් දෙකකට නව හිමිකරුවන් තෝරාගත් බවත් මෙහිදී සඳහන් කර සිටියා.

එලෙස ඉවත්කර හිමිකරුවන් විසින් තරගවලියේ නියමිත නීති රීති අනුව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 05 වන අදියර එළඹෙන ජුලි මස 01 වනදා සිට 21 වනදා දක්වා මහනුවර, දඹුල්ල සහ කොළඹ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
5
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07