LPL තරගාවලිය ගැන ක්‍රිස් ගේල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල්, 2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස තෝරාගෙන තිබෙනවා.

ඒ, අනුව සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ක්‍රිස් ගේල් පවසන්නේ ලබන වසරේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 06 වන අදියර සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

මේ අතර මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලිය නොපැවෙත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දා දැනුම් දුන්නා.

2026 පෙබරවාරි, මාර්තු මාසවල දී ශ්‍රී ලංකාව සහ ඉන්දීය සත්කාරකත්වයෙන් පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම්වීමේ අවශ්‍යතාව සලකා බැලීමෙන් පසු මෙම තීරණය ගත් බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ උපදෙස් අනුව ඉදිරියේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දරණ සියලු ක්‍රීඩාංගණ නිසි කාලසීමාව තුළදී යෝග්‍ය තත්ත්වයේ තිබිය යුතුවීම හේතුවෙන් ලෝක කුසලානයට පෙර ක්‍රීඩාංගණයන්වල සූදානම සහතික කිරීම පිළිබඳව අවධානය යොමු කර මෙවර එල්.පී.එල් තරගාවලිය නොපැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
9
+1
46
+1
2
+1
15
+1
5
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?