LPL තරගාවලිය ගැන ක්‍රිස් ගේල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල්, 2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස තෝරාගෙන තිබෙනවා.

ඒ, අනුව සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ක්‍රිස් ගේල් පවසන්නේ ලබන වසරේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 06 වන අදියර සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

මේ අතර මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලිය නොපැවෙත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දා දැනුම් දුන්නා.

2026 පෙබරවාරි, මාර්තු මාසවල දී ශ්‍රී ලංකාව සහ ඉන්දීය සත්කාරකත්වයෙන් පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම්වීමේ අවශ්‍යතාව සලකා බැලීමෙන් පසු මෙම තීරණය ගත් බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ උපදෙස් අනුව ඉදිරියේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දරණ සියලු ක්‍රීඩාංගණ නිසි කාලසීමාව තුළදී යෝග්‍ය තත්ත්වයේ තිබිය යුතුවීම හේතුවෙන් ලෝක කුසලානයට පෙර ක්‍රීඩාංගණයන්වල සූදානම සහතික කිරීම පිළිබඳව අවධානය යොමු කර මෙවර එල්.පී.එල් තරගාවලිය නොපැවැත් වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05