KDU බසය අනතුරට මොහොතකට කලින් ගිය ගමනේ වීඩියෝව ගැන පොලිසිය කියන කතාව (වීඩියෝ)

ඊයේ (01) පෙරවරුවේ බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ අඹගස්ඔය ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් රැගත් බස් රථය; අනතුරට ලක්වීමට පෙර මාර්ගයේ ධාවනය වූ ආකාරය දැක්වෙන සමාජ මාධ්‍යයේ සැරිසරන වීඩියෝව අද (02) පස්වරුවෙන් පොලිසිය විසින් නිරීක්ෂණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඒ, අනුව එම වීඩියෝ පටය නිරීක්ෂණය කිරීමේ දී අදාළ බස් රථය පැදවූ රියදුරා කිසියම් ආකාරයකින් මාර්ග නීති උල්ලංඝනය කරමින් බස් රථය ධාවනය කළේ නැද්ද යන්න පිළිබඳව තේරුම් ගැනීමට හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අද (02) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මේ බව පැවසූ අතර; බස් රථයේ රියදුරා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් ඔහුගෙන් තවමත් ප්‍රකාශ සටහන්කර ගැනීමට නොහැකි බවයි ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් මෙම අනතුර හේතුව කුමක් ද යන්න එම දර්ශන ඔස්සේ නිගමනය කළ නොහැකි බව ඔහු මාධ්‍ය හමුවේ අදහස් දවමින් සඳහන් කර සිටියා.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන විමර්ශන නිලධාරීන් මෙම වීඩියෝ පටය පිළිබඳව මේ වනවිටත් ඇතැම්විට අවදානය යොමුකර බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
7
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?