KDU සරසවියට සිසුන් ඇතුළත් කරගන්නේ UGC සේ Z-Score අගය සලකා නෙවෙයි – අගමැතිනිය (වීඩියෝ)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට (KDU) සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගන්නා ආකාරයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සලකා බලනු ලබන කඩයිම් ලකුණු ( Z-Score) අගය මත නොවන බව උසස් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

අද (04) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින විශ්වවිද්‍යාලයක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හඳුන්වන බව ද අගමැතිනිය පැවසුවා.

එබැවින් එක් සුවිශේෂී අවස්ථාවක දී පමණක් එනම්, 2019 වර්ෂයේ දී පමණක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වෛද්‍ය පීඨයට සිසුන් 100ක් ඇතුළත් කිරීමට සිදු වූ බැවින්, එහිදී භාණ්ඩාගාරයෙන් එම දරුවන්ට මුදල් ගෙවා කොතලාවල විශ්වවිද්‍යාලයට සුවිශේෂී තත්ත්වයක් යටතේ ඇතුළත් කළ බවත්, ඉන් පසුව කිසිදු අයුරකින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉසෙයිඩ් ස්කෝර් අගය සලකමින් කොතලාවල සරසවියට සිසුන් ඇතුළත් කරනොගත් බව ද හරිනි අමරසූරිය අගමැතිනිය අවධාරණය කළා.

එබැවින් කොතලාවල විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරන්නේ ඔවුන්ට ම අනන්‍ය වූ ක්‍රමවේදයක් මත බව ද අගමැතිනිය සඳහන් කළා.

මේ අතර පසුගියදා නවක සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් නතර කරනු ලැබුවා.

ඊට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද පැමිණිල්ලක් භාරදීමටයි අගතියට පත් පාර්ශ්වයන් කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
18
+1
49
+1
6
+1
3
+1
5
+1
23
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ? ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයීම නිසා CEB එකේ පාඩුවක් වෙලා
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34