KDU සරසවියට සිසුන් ඇතුළත් කරගන්නේ UGC සේ Z-Score අගය සලකා නෙවෙයි – අගමැතිනිය (වීඩියෝ)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට (KDU) සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගන්නා ආකාරයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සලකා බලනු ලබන කඩයිම් ලකුණු ( Z-Score) අගය මත නොවන බව උසස් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

අද (04) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින විශ්වවිද්‍යාලයක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හඳුන්වන බව ද අගමැතිනිය පැවසුවා.

එබැවින් එක් සුවිශේෂී අවස්ථාවක දී පමණක් එනම්, 2019 වර්ෂයේ දී පමණක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වෛද්‍ය පීඨයට සිසුන් 100ක් ඇතුළත් කිරීමට සිදු වූ බැවින්, එහිදී භාණ්ඩාගාරයෙන් එම දරුවන්ට මුදල් ගෙවා කොතලාවල විශ්වවිද්‍යාලයට සුවිශේෂී තත්ත්වයක් යටතේ ඇතුළත් කළ බවත්, ඉන් පසුව කිසිදු අයුරකින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉසෙයිඩ් ස්කෝර් අගය සලකමින් කොතලාවල සරසවියට සිසුන් ඇතුළත් කරනොගත් බව ද හරිනි අමරසූරිය අගමැතිනිය අවධාරණය කළා.

එබැවින් කොතලාවල විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරන්නේ ඔවුන්ට ම අනන්‍ය වූ ක්‍රමවේදයක් මත බව ද අගමැතිනිය සඳහන් කළා.

මේ අතර පසුගියදා නවක සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් නතර කරනු ලැබුවා.

ඊට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද පැමිණිල්ලක් භාරදීමටයි අගතියට පත් පාර්ශ්වයන් කටයුතු කළේ.

  1. කොතලාවල ට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලත් කරගත්තේ z core බලල ඊටපසු interview දෙකකින් passවෙන්න ඕන.අපේ දුවට නම් එහෙමයි 2023 නම්.මේ කියන ඒවා නම් මම දන්නේ නැහැ. කොහේ ඒවා ගැන කතා කරනවාද කියලා නොදැනීම ද දැනීම් වැඩිකමද🤷‍♂️🤦‍♀️

    • Z score eka mokak unath interview eka pass නැත්තං ගන්නෙ නෑ.. ඉන්ටර්විව් එක හැමෝම පාස් වෙන්නෙත් නෑ.. z score එකෙන් කෙලිම්ම ගන්නවා නං හොදයි.. නැත්තං කවුරු ඉන්ට්ව් වලින් ගන්නවද කවුද දන්නෙ

        • Application එන ඒවගෙන් intake එකකට ගන්නෙ 22%ක් වගේ. Apply කරන හැමෝමටම exam එකට කතා කරන්නෙත් නෑ. Z එක බලනවා ඒකට පස්සෙ exam pass උනොත් interview එකට ඒකත් පාස් වෙන්න.

      • මුලින් z එක බලල තමා exam එකට call කරන්නෙ. ඊට පස්සෙ ඒකෙන් පාස් වෙන ලමයි විතරයි interview එකට ගන්නෙ. ඒකත් පාස් උනොත් විතරයි ඇතුලට යන්න පුලුවන්

  2. අගමැතිතුමිය නිර්භීත තීරණයක් අරන් තියෙන්නේ. ගන්නවනම් රාජ්‍ය වි.වි. පද්ධතියට ගන්න z එකෙන් පස්සේ ඉන්න ලමයින්ව ගන්න පුළුවන්. අවශ්‍ය නමි රාජ්‍ය මැදිහත්වීම තුල ණය මුදලක් දුන්නත් කමක් නෑ. z එක අඩුවෙන්ම ගන්න දිස්ත්‍රික්කයේ z එකට වැඩි ලංකාවේ ඕනම ලමයෙකුට යන්න පුළුවන් විදියට හැදුවානම් හොඳයි.

    • Mechr kal gatte z eken tmi medicine gatte adym z ektata wada godak wadi z core ekkin 1.6 1.7 wage dura pathiwlin medicine ynn puluwn unt Colombo wage pathiwlin ynn bari lamaint moko un adkshada wen pattaj ekekk eken medicine krnwnm ai mut bari harini Saha kunu jeppnage balu km aye aye pradshne krnw kalakni jeppnt jande Deepu hm ektm hoda wade tw lmyek igegnwt junhaka kalakni



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18