ISIS ගෝලීය මෙහෙයුම් ප්‍රධානී අබු කදීජා ඝාතනය කෙරේ (වීඩියෝ)

ISIS සංවිධානයේ ගෝලීය මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කළ අබ්දුල්ලා මක්කි මුස්ලිහ් අල්-රිෆායි හෙවත් අබු කදීජා ඝාතනය කළ බව එක්සත් ජනපදය නිවේදනය කරනවා.

එමෙන්ම ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල්-සුඩානි සිකුරාදා ප්‍රකාශ කළේ අබු කදීජා ලෙස හැඳින්වෙන අබ්දුල්ලා මක්කි මුස්ලිහ් අල්-රුෆායි ඝාතනය කළ බවයි.

මාර්තු 13 වන දින එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මෙම ISIS ප්‍රධානියා මියගොස් ඇති අතර, ඔහු සමඟ ISIS ක්‍රියාකාරිකයෙකු ද මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ලොව පුරා ව්‍යාප්ත වී ඇති ISIS ත්‍රස්ත කණ්ඩායමේ සැපයුම්, සැලසුම් සහ මූල්‍ය කළමනාකරණය අබු කදීජා විසින් අධීක්ෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් පසු ඉරාක හමුදා අදාළ ස්ථානයට ගොස් මියගිය ISIS ත්‍රස්තවාදීන් දෙදෙනාගේ සිරුරු කොටස් සොයාගෙන ඇති අතර, ඔවුන් මිය යන අවස්ථාවේ දී දෙදෙනාම පුපුරා නොගිය “මරාගෙන මැරෙන ඇඳුම්” පැළඳ සිට බවයි අනාවරණය වී ඇත්තේ.

DNA ගැලපීමක් සිදුකර මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ අබු කදීජා බවට නිශ්චිත වශයෙන්ම තහවුරු කරගෙන තිබෙනවා.

මේ අතර; අන්ධකාරයේ සහ ත්‍රස්තවාදයේ බලවේගයන්ට එරෙහිව ඉරාක ජාතිකයින් ඔවුන්ගේ ආකර්ෂණීය ජයග්‍රහණ දිගටම කරගෙන යන බවත්, අබු කදීජා ඉරාකයේ සහ ලෝකයේ භයානකම ත්‍රස්තවාදීන්ගෙන් කෙනෙක් බවත් ඉරාක අගමැතිවරයා එක්ස් හි සටහනක් තබමින් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?