ISIS ගෝලීය මෙහෙයුම් ප්‍රධානී අබු කදීජා ඝාතනය කෙරේ (වීඩියෝ)

ISIS සංවිධානයේ ගෝලීය මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කළ අබ්දුල්ලා මක්කි මුස්ලිහ් අල්-රිෆායි හෙවත් අබු කදීජා ඝාතනය කළ බව එක්සත් ජනපදය නිවේදනය කරනවා.

එමෙන්ම ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල්-සුඩානි සිකුරාදා ප්‍රකාශ කළේ අබු කදීජා ලෙස හැඳින්වෙන අබ්දුල්ලා මක්කි මුස්ලිහ් අල්-රුෆායි ඝාතනය කළ බවයි.

මාර්තු 13 වන දින එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මෙම ISIS ප්‍රධානියා මියගොස් ඇති අතර, ඔහු සමඟ ISIS ක්‍රියාකාරිකයෙකු ද මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ලොව පුරා ව්‍යාප්ත වී ඇති ISIS ත්‍රස්ත කණ්ඩායමේ සැපයුම්, සැලසුම් සහ මූල්‍ය කළමනාකරණය අබු කදීජා විසින් අධීක්ෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් පසු ඉරාක හමුදා අදාළ ස්ථානයට ගොස් මියගිය ISIS ත්‍රස්තවාදීන් දෙදෙනාගේ සිරුරු කොටස් සොයාගෙන ඇති අතර, ඔවුන් මිය යන අවස්ථාවේ දී දෙදෙනාම පුපුරා නොගිය “මරාගෙන මැරෙන ඇඳුම්” පැළඳ සිට බවයි අනාවරණය වී ඇත්තේ.

DNA ගැලපීමක් සිදුකර මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ අබු කදීජා බවට නිශ්චිත වශයෙන්ම තහවුරු කරගෙන තිබෙනවා.

මේ අතර; අන්ධකාරයේ සහ ත්‍රස්තවාදයේ බලවේගයන්ට එරෙහිව ඉරාක ජාතිකයින් ඔවුන්ගේ ආකර්ෂණීය ජයග්‍රහණ දිගටම කරගෙන යන බවත්, අබු කදීජා ඉරාකයේ සහ ලෝකයේ භයානකම ත්‍රස්තවාදීන්ගෙන් කෙනෙක් බවත් ඉරාක අගමැතිවරයා එක්ස් හි සටහනක් තබමින් පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14