IPL වෙන්දේසියේ දී ඉහළම මූලික ලංසු මුදලක් හිමිව ඇති ක්‍රීඩකයින් මෙන්න

එළෙඹෙන 19 වනදා පැවැත්වෙන අයි.පී.ඒල්. ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් මේ වනවිට දෙස් විදෙස් ක්‍රීඩකයින් 1166 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව වාර්තා වනවා.

වෙන්දේසියේ දී කණ්ඩායම් 10 වෙනුවෙන් ක්‍රීඩකයින් 77 දෙනෙකු තෝරාගැනීමට නියමිත අතර, එලෙස තෝරාගනු ලබන ක්‍රීඩකයින්ගෙන් 30 දෙනෙක් විදෙස් ක්‍රීඩකයින් වනවා.

කණ්ඩායම් 10ට සාමූහිකව ඉන්දීය රුපියල් කෝටි 262.95ක් මෙවර වෙන්දේසියේ දී වැය කළ හැකියි.

මේ වන විටත් ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක් සහ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂල් පටෙල් සඳහා රුපියල් කෝටි 2 ක ඉහළම මූලික ලංසු අගයක් හිමිව තිබෙනවා.

එමෙන්ම ඉහළම මූලික ලංසුවක් හිමි කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයට ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් සිටිනවා.

එමෙන්ම නවසීලන්ත ක්‍රීඩක රචින් රවීන්ද්‍රගේ මූලික ලංසු මිල රුපියල් ලක්ෂ 50ක් වන නමුත්, ඔහු අවම වශයෙන් 15 හෝ විසිගුණයකින් මූලික මිලට වඩා අලෙවි වනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ.

මේ අතර පසුගියදා ඉන්දියාවට එරෙහිව සිය මංගල T20 ශතකය වාර්තා කළ ජෝෂ් ඉන්ග්ලිෂ් සහ හිටපු නායක ස්ටීව් ස්මිත්, වේග පන්දු යවන ජෝෂ් හැසල්වුඩ්ට ද ඉහළ මුලික ලංසු මුදලක් හිමිව තිබෙනවා.

එමෙන්ම බැංගලෝර් කණ්ඩායම විසින් මුදා හරින ලද ලොව හොඳම විස්සයි විස්ස දඟ පන්දු යවන්නෙකු වන වනිඳු හසරංගට ද ඉන්දීය රුපියල් කෝටි 1.5ක මූලික ලංසු මුදලක් හිමිව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
6
+1
25
+1
9
+1
4
+1
8
+1
24
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?