IPL වෙන්දේසියේ දී ඉහළම මූලික ලංසු මුදලක් හිමිව ඇති ක්‍රීඩකයින් මෙන්න

එළෙඹෙන 19 වනදා පැවැත්වෙන අයි.පී.ඒල්. ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් මේ වනවිට දෙස් විදෙස් ක්‍රීඩකයින් 1166 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව වාර්තා වනවා.

වෙන්දේසියේ දී කණ්ඩායම් 10 වෙනුවෙන් ක්‍රීඩකයින් 77 දෙනෙකු තෝරාගැනීමට නියමිත අතර, එලෙස තෝරාගනු ලබන ක්‍රීඩකයින්ගෙන් 30 දෙනෙක් විදෙස් ක්‍රීඩකයින් වනවා.

කණ්ඩායම් 10ට සාමූහිකව ඉන්දීය රුපියල් කෝටි 262.95ක් මෙවර වෙන්දේසියේ දී වැය කළ හැකියි.

මේ වන විටත් ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක් සහ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂල් පටෙල් සඳහා රුපියල් කෝටි 2 ක ඉහළම මූලික ලංසු අගයක් හිමිව තිබෙනවා.

එමෙන්ම ඉහළම මූලික ලංසුවක් හිමි කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයට ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් සිටිනවා.

එමෙන්ම නවසීලන්ත ක්‍රීඩක රචින් රවීන්ද්‍රගේ මූලික ලංසු මිල රුපියල් ලක්ෂ 50ක් වන නමුත්, ඔහු අවම වශයෙන් 15 හෝ විසිගුණයකින් මූලික මිලට වඩා අලෙවි වනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ.

මේ අතර පසුගියදා ඉන්දියාවට එරෙහිව සිය මංගල T20 ශතකය වාර්තා කළ ජෝෂ් ඉන්ග්ලිෂ් සහ හිටපු නායක ස්ටීව් ස්මිත්, වේග පන්දු යවන ජෝෂ් හැසල්වුඩ්ට ද ඉහළ මුලික ලංසු මුදලක් හිමිව තිබෙනවා.

එමෙන්ම බැංගලෝර් කණ්ඩායම විසින් මුදා හරින ලද ලොව හොඳම විස්සයි විස්ස දඟ පන්දු යවන්නෙකු වන වනිඳු හසරංගට ද ඉන්දීය රුපියල් කෝටි 1.5ක මූලික ලංසු මුදලක් හිමිව ඇති බව සඳහන්.

  1. අනේ ඉතින් අපේ කොල්ලොන්ට කියක් හරි හම්බ වෙනවානම් ඒකත් ලොකු දෙයක් …ඒත් අපේ උන්ට හැමෝගෙන්ම කැපිල්ලනේ….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14