Empty Ad
AFC Banner
Empty Ad

IPL වාර්තා පිට වාර්තා බිඳ දැමූ කුවින්ටන් සහ රාහුල්ගේ ගිනිකෙළි සංදර්ශනය

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයෙක් මෙතක් වාර්තා කළ විශිෂ්ඨතම ඉනිම වාර්තා කරන්නට දකුණු අප්‍රිකානු ක්‍රීඩක කුවින්ටන් ඩී කොක් ඊයේ (18) සමත් වුණා.

ඒ, තරගාවලියේ ඊයේ රාත්‍රියේ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගයේ දී නොදැවී ලකුණු 140ක් වාර්තා කරමින්.

පන්දු 70ක් තුළ වාර්තා කළ එම ලකුණු 140ට දැවැන්ත හයේ පහර 10ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් වුණා.

මෙම තරගයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ කුවින්ටන් ඩී කොක් සහ ලෝකේශ් රාහුල්, ලක්නව් ලකුණු පුවරුව ලකුණු 210ක් දක්වා ඔසවා තැබුවා.

IPL තරග ඉතිහාසයේ ඉහළම ආරම්භක සබඳතාවය ලෙසට ඔවුන් දෙදෙනාගේ මෙම ආරම්භක කඩුල්ලේ සබඳතාවය වාර්තා අතරට එක වීම ද විශේෂත්වයක්.

මීට පෙර, IPL ඉතිහාසයේ ඉහළම ආරම්භක සබඳතාව වූයේ ඩේවිඩ් වෝනර් සහ ජොනී බෙයාර්ස්ටෝ 2019 වසරේ දී සන්රයිසස් හයිද්‍රබාද් පිළ වෙනුවෙන් රැස්කළ ලකුණු 185ක සබඳතාවයි.

ඊයේ පැවති තරගයෙන් තියුණු සටනකින් අනතුරුව ලකුණු දෙකකින් ජය ගන්නට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

මෙම ජයත් සමඟ ලක්නව් සුපර් ජයන්ට්ස් තරගාවලියේ සුපිරි 04 වටයට ද සුදුසුකම් ලැබීමට සමත් වූ අතර ගුජරාට් ටයිටන්ස් පිළ ද මේ වනවිට සුපිරි 04 වටයට සුදුසුකම් ලබා සිටිනවා.

තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න..

https://www.iplt20.com/video/45586/m66-kkr-vs-lsg–match-highlights

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>