IPL වසන්තය අරඹමින් දෝනිගේ චෙන්නායි පිළට ගුජරාටයේ බලය පෙන්වයි

ක්‍රිකට් පිටියට වසන්තය උදාකරන ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය ලෙස සැළකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 16 වන දිගහැරුම ඊයේ (31) රාත්‍රියේ ආරම්භ වුණා.

මෙවර තරගාවලිය අරඹමින් පසුගිය වර ශූරයින් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ සිව්වරක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගත් මහේන්ද්‍ර සිං නායකත්වය දරණ චෙන්නායි සුපර් කිංග්ස් පිළ ඊයේ රාත්‍රියේ තරග බිමට පිවිසියා.

මෙම තරගයෙන් පසුගිය වර ශූරයින් වූ ගුජරාට් ටයිටන්ස් පිළ ජය ගත්තේ චෙන්නායි පිළ කඩුලු 05කින් පරාජය කරමින්.

පළමු තරගයේ කාසිය වාසිය දිනාගත් ගුජරාට් පිළ පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ, අනුව ගුජරාට් ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 178ක්.

එහිදී ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඩ් පන්දු 50ක් තුළ ලකුණු 92ක් රැස්කරමින් චෙන්නායි ඉනිම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදුන්නා.

පන්දු යැවීමේ දී රෂිඩ් ඛාන්, මොහොමඩ් ෂාමි සහ අල්සාරි ජෝසප් අතරේ කඩුලු 02ක බැඟින් බෙදී ගියා.

අනතුරුව ලකුණු 179ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගුජරාට් පිළේ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් ලකුණු 63ක් සහ වෘද්ධිමාන් සහා ලකුණු 25ක් රැස් කළා.

අවසානයේ ගුජරාට් පිළ ජයග්‍රහණය කරා රැගෙන ගිය ෂිඩ් ඛාන් සහ රාහුල් තේවාටියා නොදැවී පිළිවෙලින් ලකුණු 10ක් සහ 15ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ, අනුව පන්දුවාර 19යි පන්දු 02ක් තුළ අදාළ ඉලක්කය පසුකර යමින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙම තරගයේ ජය හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45


?