IPL තරගාවලියේ දෙවැනි ජය චෙන්නායිවරුන් ලබයි – මුලසුන තවමත් ටයිටන්ස් පිලට

IPL තරගාවලියේ තමන් ලැබූ දෙවැනි ජයග්‍රහණය ලැබීමට ඊයේ (14) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ ලක්නව් හි දී පැවති තරගයේ දී ලක්නව් සුපර් ජෑන්ට්ස්වරුන් කඩුලු 05කින් ප‍රාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ චෙන්නායිවරුන් පළමු ව පන්දු යැවීම තෝරාගත් අතර ලද ඇරයුමෙන් පිතිකරණය ඇරඹි ලක්නව්වරුන් කඩුලු 07ක් දැවී ලකුණු 166ක් ලබා ගත්තා.

රිෂාබ් පාන්ට් ලකුණු 63ක් ලබාගත්තා.

මිචෙල් මාර්ෂ් ලකුණු 30යි.

කඩුලු බිඳ දැමීමේ දී චෙන්නායිවරුන් වෙනුවෙන් රවීන්ද්‍ර ජඩේජා සහ මතීෂ පතිරණ කඩුලු 02ක බැගින් බිඳ දැමූ අතර එක් කඩුල්ල බැගින් අන්ෂුල් කාම්බෝජ් සහ කලීල් අහමඩ් විසින් බිඳ හෙලනු ලැබුවා.

ජයග්‍රහණයට ලකුණු 168ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායිවරුන් කඩුලු 05ක් දැවී ලකුණු 168ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය හිමි කරගත්තා.

කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය එම් එස් දෝනි නොදැවී ලකුණු 26ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තා.

ශිවම් ඩබ් නොදැවී ලකුණු 43ක් රැස් කළා.

රචින් රවීන්ද්‍රා ලකුණු 37යි.

කඩුලු බිඳ දැමීමේ දී රවී බිෂ්නෝයි කඩුලු දෙකක් සහ එක් කඩුල්ල බැගින් දිග්වෙෂ් රති, අවේෂ් ඛාන් සහ ඒඩ්න් මාක්‍රම් විසින් බිඳ හෙලුවා.

ඒ අනුව චෙන්නායිවරුන් මෙතෙක් මුහුණදුන් IPL තරග 07න් දෙකක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානයේ රැඳී සිටින අතර ලක්නව් කණ්ඩායම මුහුණ දුන් තරග 07න් 04ක් ජය ගනිමින් සිව්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මේ වනවිට IPL 2025 තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ මුලසුන තරග 08න් 06ක් දිනූ ගුජරාට් ටයිටන්ස් හිමිකරගෙන ඇති අතර දෙක හා තුන්වැනි ස්ථාන පිළිවෙළින් දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් හිමිකරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46


?