IPL තරගාවලියේ දෙවැනි ජය චෙන්නායිවරුන් ලබයි – මුලසුන තවමත් ටයිටන්ස් පිලට

IPL තරගාවලියේ තමන් ලැබූ දෙවැනි ජයග්‍රහණය ලැබීමට ඊයේ (14) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ ලක්නව් හි දී පැවති තරගයේ දී ලක්නව් සුපර් ජෑන්ට්ස්වරුන් කඩුලු 05කින් ප‍රාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ චෙන්නායිවරුන් පළමු ව පන්දු යැවීම තෝරාගත් අතර ලද ඇරයුමෙන් පිතිකරණය ඇරඹි ලක්නව්වරුන් කඩුලු 07ක් දැවී ලකුණු 166ක් ලබා ගත්තා.

රිෂාබ් පාන්ට් ලකුණු 63ක් ලබාගත්තා.

මිචෙල් මාර්ෂ් ලකුණු 30යි.

කඩුලු බිඳ දැමීමේ දී චෙන්නායිවරුන් වෙනුවෙන් රවීන්ද්‍ර ජඩේජා සහ මතීෂ පතිරණ කඩුලු 02ක බැගින් බිඳ දැමූ අතර එක් කඩුල්ල බැගින් අන්ෂුල් කාම්බෝජ් සහ කලීල් අහමඩ් විසින් බිඳ හෙලනු ලැබුවා.

ජයග්‍රහණයට ලකුණු 168ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායිවරුන් කඩුලු 05ක් දැවී ලකුණු 168ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය හිමි කරගත්තා.

කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය එම් එස් දෝනි නොදැවී ලකුණු 26ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තා.

ශිවම් ඩබ් නොදැවී ලකුණු 43ක් රැස් කළා.

රචින් රවීන්ද්‍රා ලකුණු 37යි.

කඩුලු බිඳ දැමීමේ දී රවී බිෂ්නෝයි කඩුලු දෙකක් සහ එක් කඩුල්ල බැගින් දිග්වෙෂ් රති, අවේෂ් ඛාන් සහ ඒඩ්න් මාක්‍රම් විසින් බිඳ හෙලුවා.

ඒ අනුව චෙන්නායිවරුන් මෙතෙක් මුහුණදුන් IPL තරග 07න් දෙකක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානයේ රැඳී සිටින අතර ලක්නව් කණ්ඩායම මුහුණ දුන් තරග 07න් 04ක් ජය ගනිමින් සිව්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මේ වනවිට IPL 2025 තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ මුලසුන තරග 08න් 06ක් දිනූ ගුජරාට් ටයිටන්ස් හිමිකරගෙන ඇති අතර දෙක හා තුන්වැනි ස්ථාන පිළිවෙළින් දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් හිමිකරගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46